කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2026

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පල්ලේපොල

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මඟින් 2026 ර්වෂයේදී සිදුකරන සංර්වධන ව්‍යාපෘති සඳහා සුදුසුකම්ලත් කොන්ත්‍රාත් කරුවන්ගෙන් 2026/01/31 දින දක්වාඅයදුම්පත් කැඳවනු ලැබේ.

  • අයදුම්පත් ලබාගත හැකි ආකාරය
    • පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියන් භාගත කිරීමෙන්

    බාගත කිරීම (සිංහල ) >>

    • පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙන්.
  • ලියාපදිංචි ගාස්තුව
    • එක් කොන්ත්‍රාත්කරුවකු සඳහා ලියාපදිංචි ගාස්තුව රු.400.00 ක් වන අතර පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සරප් වෙත මුදල් ගෙවා කුවිතාන්සියක් ලබා ගත යුතුය.
  • අයදුම්පත් කැඳවීම
    • අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙලවර “කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2026" ලෙස සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනවිත් සැලසුම් අංශය වෙත භාරදීම.
    • ලියාපදිංචි කිරීම අවසන් වන දිනය 2026/01/31 වේ.
  • අවශ්‍ය වන ලියවිලි 
    • සම්පූණ කල අයදුම්පත්‍රය.
    • මුදල් ගෙවූ කුවිතාන්සිය .
    • ඉදිකිරීම් අභ්‍යාස  හා සංවර්ධන ආයතනයේ (ICTAD) ලියාපදිංචි සහතිකයේ පිටපතක් .
    • පසුගිය වසර 05 තුල ක්‍රියාත්මක කල කොන්ත්‍රාත් පිළිබඳ විස්තර. 
    • බැංකු ගිණුම් විස්තර.

වැඩිදුර තොරතුරු සඳහා පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කායාලයේ සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) අමතන්න.-0662247238.

News & Events

03
ජූලි2025
පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

Scroll To Top