අපගේ දැක්ම

සඵලමත් සේවාවක් තුළින් ඉසුරුබර හෙටක්

අපගේ මෙහෙවර

ප්‍රජා අවශ්‍යතා ප්‍රසස්ථ ලෙස ඉටුකිරීම සඳහා මානව හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව මෙහෙයවීම

‍‍

ඓතිහාසික පසුබිම

                පල්ලේපොල ප්‍රදේශයේ ඉතිහාසය සැලකී‍මෙිදි  ශ්‍රී මහ බෝධිය මෙරටට වැඩම කල කාලය පිලිබදව සදහන්වී ඇත. ඒ සමග මෙරටට පැමිණි අතිවිශාල වු ආර්ය ජනතාව අතුරින් කොටසක් මාතලේ දිස්ත්‍රික්කය ස්වකීය වාසභූමි කරගත් අතර ඉන් වැඩි පිරිසක් පදිංචි වූයේ පල්ලේ‍පොල  ප්‍රදේශය ආශ්‍රිතවයි. ඒ අතුරින් ශ්‍රී දන්තන බ්‍රාහ්මනරාළ (මොනරවිල) අකූරම්බොඩරාළ (අකුරම්බොඩ) තොස්වත්තරාළ (කොස්වත්ත) හා රංකොත් යමානා (පල්ලේපොල) යන ආර්ය ජන නායකයන් පිලිබද මාතලේ කඩඉම් පොතේ සදහන් ‍වේ.  මොවුන් බෝධිරාජ කුලයට අයත් වූ අතර විවිධ ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කල පුද්ගලයන්ද  වූ බව කඩඉම් පොතේ මෙන්ම ප්‍රදේශයේ පැරන්නන්ගේ අදහස විය. මොවුන් යකඩ සැදීමේ දක්ෂතා පෙන්වූ අතර පල්ලේපොල අදත් දක්නට ලැබෙන යබොර ගොඩවල්වලින් මෑතක් වන තුරැම යකඩ බෝල සෑදු බව වයෝවෘද්ධ පිරිස් පවසති.

                වඩා ක්‍රමවත් ජනාවාස පිහිටුවීම පසුව  සිදු වුවත් ‍‍දෙවන සියවසේදී පවා මෙම ප්‍රදේශයේ ජනාවාස තිබු බවට සාක්ෂි ඇත. මේ බව දෙමදඔය සෙල්ලිපියේ දක්වා ඇති අතර දිස්ත්‍රික්කයේ ඉතිහාසය සම්බන්දධ සෙල්ලිපි අතර මෙය වැදගත් එකකි. ආර්ය ජනාවාස පිහිටුවීමෙහිලා මෙම ප්‍රදේශය වඩා සුදුසු වූයේ පදිංචිය සදහා ඉතාමත් යෝග්‍ය වූ දේශගුණික රටාවත් පැවතීමත් වී ගොවිතැන සදහා සුදුසු බිම් හා ඉතා හොද ජල සම්පාදන රටාවක් පැවතීමත්ය.

ආයතනයේ විකාශනය

1973.08.03 දින සිට ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි කොට්ඨාශයක් ලෙස ආරම්භ වූ අතර  1975 වර්ෂයේ සිට උප දිසාපති කොට්ඨාශයක් ලෙසද 1989 වර්ෂයේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙසද  1992 අ‍ගොස්තු මස 26 දින  සිට ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයක් ලෙසද ස්ථාපනය විය. පරිපාලනය විමධ්‍යගත කිරිම යටතේ සංවර්ධනය හා සේවා කටයුතු 1996 වර්ෂයේ සිට වඩාත් පුලුල් කරන ලදී.

1973 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම

තනතුර

සිට

දක්වා

01-   සොයිසා මහතා

 ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1973

1977

02-   ඩී.ඒ .විතානගේ මහතා           

උප දිසාපති

1977

1983

03-  ඊ.ජි.චන්ද්‍රරත්න මහතා

සහකාර ආන්ඩුවේ ඒජන්ත               

1983

1990

04-ඩබ්.ඒ.බි.ආර්.ගුණරත්න මහතා

සහකාර ආන්ඩුවේ ඒජන්ත               

1990

1991

05-  පි.ඒ.ජි.ජයවර්ධන මහතා           

සහකාර ආන්ඩුවේ ඒජන්ත               

1991

1992

06-  එම්.කේ.එම්.සෝමරත්ත මහතා

ප්‍රාදේශියලේකම්                  

1992

1992

07- පි.එල්.නන්දසිරි මහතා 

ප්‍රාදේශියලේකම් 

1992

1993

08-  ඩබ්.එම්.යසමාන මහතා

ප්‍රාදේශියලේකම් 

1993

1995

09-  එස්.බි.අඹගස්පිටිය මහතා

ප්‍රාදේශියලේකම් 

1996

2000

10-  ආර්.ඒ.කරැණාසෝම මහතා

ප්‍රාදේශියලේකම් 

2000

2004

11-එල්.සි.එල්.එස්.මහානාම මහතා

ප්‍රාදේශියලේකම් 

2004

2005

12.කේ.උපාලි රණවක මහතා

ප්‍රාදේශියලේකම් 

2005

2008

13.ඊ.ඩබ්.එන්.ඒ.එගොඩවෙල

මහතා

ප්‍රාදේශියලේකම් 

2008

 2011

14. ඩබ්ලිවි.එම්. ආනන්ද මහතා

ප්‍රාදේශියලේකම් 

2011

 2018-10-02
15. එච්.එම්.සී. ඒකනායක මෙනවිය ප්‍රාදේශීය ලේකම් 2018-10-02  

News & Events

03
ජූලි2025
පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

Scroll To Top